There were 858 press releases posted in the last 24 hours and 401,935 in the last 365 days.

සම්මන්ත්‍රණයක් තහනම් කිරීම සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාකච්ඡාකරුවෙකුගෙන් තමිල්නාඩු රජයට දෝෂ‍ාරෝපණ

CHENNAI, INDIA, October 24, 2023 /EINPresswire.com/ --

දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් තහනම් කිරීම සම්බන්ධයෙන්, හිටපු එල්ටීටීඊ සාකච්ඡාකරුවෙකු මෙන්ම දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ අ‍ග්‍රාමාත්‍යවරයා වන විශ්වනාදන් රුද්‍රකුමාරන් මහතා තමිල්නාඩු රජයට දොස් පවරයි.

මේ වනවිට නිව්යෝර්ක්හි නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරන ඔහුපෙන්වා දෙන්නේ, ‘ශ්‍රී ලංකා දිවයිනේ මලෙයියහ දෙමළ ජනයාගේ වසර 200 ක ඛේදවාචකය’ යන මැයෙන් TGTE යේ තමිල්නාඩු සාමාජිකයින් පසුගිය 15 වැනිදා තමිල්නාඩුවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයට තමිල්නාඩු රජයේ අවසරය නොලැබුණු බවයි.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතික්ෂේප කිරීම මගින් දෙමළ ජනයාගේ භාෂණයේ හා සංවිධානය වීමේ නිදහස යන දෙකටම ඇති අයිතිය උල්ලංඝනය කළ බව නිවේදනයක් නිකුත් කරන TGTE ය පවසයි.

මලෙයියහ දමිළ ජනයාගේ ජීවිත නඟා සිටුවීමට ගන්නා පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම සම්මන්ත්‍රණයේදී කටයුතු යොදා තිබුණි. විශ්‍රාමික තමිල්නාඩු විනිසුරු. හරි පරන්තමන් මෙම සමුළුවේ මුලසුන දැරීමට නියමිතව සිටියේය.

සමුළුවට සහභාගීවීමට නියමිතව සිටි සෙසු කථිකයින් අතර සමස්ත ඉන්දීය සිවිල් නිදහස පිළිබඳ මහජන සංගමයේ ප්‍රධාන ලේකම්, වී සුරේෂ්, චිත්‍රපට අධ්‍යක්ෂ ගෝපි නයනාර්, TGTE සෙනෙට් සභික මහාචාර්ය සරස්වතී, තමිල්නාඩු සභාවේ මන්ත්‍රීවරයෙකු වන එස්. එස්. බලාජි, කෙ‍ාන්කු තරුණ සංගමයේ හිටපු සභාපති යූ. තනියරසු, ජ්‍යෙෂ්ඨ නීතිඥ සන්කර සුබ්බු, මදුරාසි මහාධිකරණයේ හා අධිනීතිඥ ටී.එම්. ජොන්සන් මෙන්ම දෙමළ නීතිඥ සංගමය මෙන්ම TGTE හි ඉන්දියානු සාමාජිකයින්, තමිල්නාඩුවේ වෙසෙන ප්‍රමුඛ පෙළේ කථිකයින් ද සිටි බව TGTE ය පවසයි.

මෙම සම්මන්ත්‍රණය ගෘහස්ථව පැවැත්වීමට අදාළ අවසරය TGTE ය මීට මාස එකහමාරකට පෙරාතුව තමිල්නාඩු බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටි අතර අදාළ අවසරය ලබාදීම ප්‍රතික්ෂේප කළ බලධාරීන් ඒ සම්බන්ධව කිසිදු සාධාරණ හේතුවක් මෙතෙක් ඉදිරිපත් කර නැත.

‘ශ්‍රී ලංකා දිවයිනේ මලෙයියහ දෙමළ ජනයාගේ වසර 200 ක ඛේදවාචකය’ යන මැයෙන් යුතු සම්මන්ත්‍රණය තමිල්නාඩු රජය විසින් තහනමට ලක්කිරීම නීතිය හමුවේ අභියෝගයට ලක්කිරීමට අදාළ කටයුතු TGTE යේ තමිල්නාඩු සාමාජිකයින් වන ටී. තමිසිනියන්, මුගේෂ් තංග‍වේලු, ජී. පවෙන්දන් හා මහාචාර්ය සරස්වතී ඇතුළු පිරිස සම්පාදනය කරමින් සිටි.


* දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) පිළිබඳ - Transnational Government of Tamil Eelam (TGTE)

දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) යනු ලොවපුරා රටවල් කිහිපයක වෙසෙන මිලියනයකට අධික (ශ්‍රී ලංකා දිවයිනේ) දෙමළ ජාතිකයින් විසින්

ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත්කර ගැනුණු රජයකි. ශ්‍රී ලංකා රජය 2009 දී දෙමළ ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීමෙන් පසුව TGTE පිහිටවනු ලැබුණි. TGTE තුන් වතාවක් ජාත්‍යන්තරව අධීක්ෂණය කරන ලද මැතිවරණය ලොවපුරා දෙමළ ජනතාව අතර පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 132 දෙනෙකු තෝරාපත් කරගැනුණි. මෙම පාර්ලිමේන්තුවේ සභ‍ා දෙකක් ඇති අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් සභාව හා කැබිනට් මණ්ඩලයෙන් එය සමන්විත වේ.

TGTE ප්‍රජාතන්ත්‍රවාදී හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේ ව්‍යාපාරයක් මෙහෙයවන අතර එහි ව්‍යවස්ථාව
මගින් මෙහි දේශපාලන අරමුණු සාක්ෂාත් කරගත යුත්තේ සාමකාමී මාර්ගවලින්ප මණක් බව දැඩිව විශ්වාස කරයි. එය ජාතිකත්වය, නිජබිම හා ස්වයං නිර්ණය
යන මූලධර්ම මත පදනම් වේ.

TGTE උත්සහ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීමෙන් යුතුව යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ දෙමළ ජනතාවට එරෙහි සමූලඝාතන සිදුකළ
අපරාධකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමටයි. දෙමළ ජනතාවගේ දේශපාලන අනාගතය තීරණය කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව TGTE
අවධාරණය කරයි.

TGTE හි අග්‍රාමාත්‍යවරයා වන්නේ නිව්යෝර්ක්හි නීතිඥවරයෙකු වන විශ්වනාදන්රු ද්‍රකුමාරන් මහතාය.

ට්වීටර් - @TGTE_PMO
ඊමේල් - pmo@tgte.org
වෙබ් අඩවිය - www.tgte-us.org / www.tgte.org

Transnational Government of Tamil Eelam
TGTE
+1 614-202-3377
r.thave@tgte.org

Legal Disclaimer:

EIN Presswire provides this news content "as is" without warranty of any kind. We do not accept any responsibility or liability for the accuracy, content, images, videos, licenses, completeness, legality, or reliability of the information contained in this article. If you have any complaints or copyright issues related to this article, kindly contact the author above.