දෙමළ ජනයාට අයත් ප්‍රදේශවලින් ඉවත්වන්නැයි හමුදාවට බලකරමින් දෙමළ විශ්වවිද්‍යාල සිසුන් දැවැන්ත උද්‍ඝෝෂණයක
JAFFNA, SRI LANKA, February 10, 2023 /EINPresswire.com/ -- දෙමළ ප්‍රදේශවලින් හමුදාවට ඉවත්වන ලෙස බලකරමින් හා ජනමත විචාරණයක් ඉල්ලා දෙමළ විශ්වවිද්‍යාල සිසුන්ගේ දැවැන්ත විරෝධයක් දියත් වේ
හමුදාව දෙමළ ප්‍රදේශවලින් ඉවත්විය යුතු බවටත්, දිග්ගැස්සුණු දෙමළ ගැටුමට ස්ථිර දේශපාලන විසඳුමක් ලෙස ජාත්‍යන්තර අධීක්ෂණයෙන් පවත්වන ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් පවසමින් කාන්තාවන් හා ළමුන් ඇතුළු දහස්ග ණනකගේ සහභාගීත්වයෙන් පසුගියදා (7) රැළියක් පැවැත්වුණි.
යාපනය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වී මඩකලපුව විශ්වවිද්‍යාලය දක්වා ගිය සිව් දින විරෝධතා පාගමන අවසානයේ මෙම දැවැන්ත රැළිය පැවැත්වුණි. හමුදා අවහිර කිරීම් හා ප්‍රහාරවලින් නොනැවතී උතුරේ යාපනයෙන් ආරම්භ වූ මෙම සිව්දින විරෝධතා පාගමන නැගෙනහිර මඩකලපුව දක්වා ගමන් ගැනුණි.
(වීඩියෝව https://fb.watch/iu961BTc1Y/?mibextid=tejx2t )
නිදහස ඇත්තේ සිංහල ජනතාවට මිස දෙමළ ජනතාවට නොවන බව මෙම රැළියට සහභාගී වූ සිසුන්ගේ අදහසයි. නිදහසින් වසර 75කට පෙර සිට දුක්වි ඳින, දෙමළ ජනතාවට එරෙහිව ශෝක දිනයක් ප්‍රකාශයට පත්කිරීමට ද මෙහිදී ඔවුහු පියවර ගත්හ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2009 වසරේ මාස හයක් තුළ දෙමළ ජාතිකයින් 70,000 ක් පමණ ඝාතනයට ලක්වූ ප්‍රදේශය හරහා ද පා ගමන දියත්විය. ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනයට ලක්වූ දමිළ ජාතිකයින්ට මෙහිදී ගෞරවය පුදකෙරුණි.
පාගමනට සහභාගී වූ පිරිස පිළිගැනීමට අතිවිශාල ජනකායක් වීදිපුරා පෙළ ගැසී සිටි අතර ඔවුන් පාගමන්කරුවන්ට ආහාරපාන ලබාදුණි. 1833 දී පරිපාලනය පහසු කිරීමේ අරමුණින් දෙමළ හා සිංහල රාජධානි ඒකාබද්ධ කළ ඉංග්‍රීසි ජාතිකයින්, සිංහල හා දෙමළ ජනතාව අතර ‘බලහත්කාර විවාහ’ සිදුකළ අතර ඒ බව ඉස්මතු කරන පුවරු ද පෙළපාලිකරුවන් රැගෙන සිටියහ.
වසර 75 කට පෙර සිට දෙමළ ජාතිකයින් ක්‍රමානුකූලව හිංසනයට ලක්වී ඇති අතර දෙමළ වාර්ගික අනන්‍යතාවය නිසාවෙන් ඔවුන් පීඩාවට පත්ව ඇත. දෙමළ ජනගහනයෙන් අඩක් රාජ්‍ය විරහිත කිරීමත්, සිංහල එකම රාජ්‍ය භාෂාව කිරීමත්, දෙමළ සිසුන්ට දැඩි ලෙස වෙනස්කොට සැලකූ වාර්ගික විශ්වවිද්‍යාල ප්‍රවේශයන්ආ රම්භ කිරීමත් ඉන්පසු සිදුවිය. 1958, 1977 හා 1983 දී රාජ්‍ය අනුග්‍රහය ලත්දෙ මළ විරෝධී සංහාර වලට දෙමළ ජනයා වරින්වර මුහුණදුනි. එහි ප්‍රතිඵලයක්ලෙ ස දහස් ගණනක් වූ දෙමළ ජනතාව ඝාතනයට ලක්වීම මෙන්ම දෙමළ කාන්තාවන් ලිංගික අතවරවලට හා දූෂණයට ලක්වීම ද සිදුවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2009 වසරේ මාස හයක කාලයක් තුළදී දෙමළ ජාතිකයින් 70,000 ක් පමණ ඝාතනය කර ඇත. මේ වනතෙක් මෙම ම්ලේච්ඡ අපරාධ වලට වගකිවයුත්‍තේ කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් කිසිදු සොයාබැලීමක් කර නැත.
Huge Anti-Sri Lanka Rally by Tamil Univ Students Demands Military Leave Tamil areas & Referendum for Political Solution
https://www.einpresswire.com/article/615686579/huge-anti-sri-lanka-rally-by-tamil-univ-students-demands-military-leave-tamil-areas-referendum-for-political-solution

Lanka News
LN
email us here
Legal Disclaimer:
EIN Presswire provides this news content "as is" without warranty of any kind. We do not accept any responsibility or liability for the accuracy, content, images, videos, licenses, completeness, legality, or reliability of the information contained in this article. If you have any complaints or copyright issues related to this article, kindly contact the author above.