There were 464 press releases posted in the last 24 hours and 430,802 in the last 365 days.

දෙමළ ප්‍රදේශවලින් හමුදාව ඉවත් කරන්න - දේශපාලන විසඳුමක් සඳහා ජනමත විචාරණයක් පවත්වන්න - සිංහල සිසුන් කියයි

සිංහල හා දෙමළ විශ්වවිද්‍යාල සිසුන් යාපනයේදී හමුවේ

JAFFNA, SRI LANKA, March 15, 2023 /EINPresswire.com/ -- අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (IUSF) කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රමුඛ සිංහල සිසුන් හා යාපන‍ය විශ්වවිද්‍යාලයේ දෙමළ ශිෂ්‍ය සංගම් නායකයින් අතර හමුවක් පසුගියදා යාපනයේදී පැවති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට එක්ව කටයුතු කිරීමට ගතහැකි පියවර පිළිබඳ මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණි. නමුත්, යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ සිසුන් විසින් සිංහල සිසුන්ගෙන් ඉල්ලා සිටියේ දිගු කාලයක් තිස්සේ පවතින දෙමළ පිරිස් වල දුක්ගැනවිලි විසඳීමට පළමුව
දායකවන ලෙසයි. මේ අදහසටද සිංහල සිසුන් එකඟ විය. දෙමළ විශ්වවිද්‍යාල සිසුන් මෙහිදී ඔවුන්ට සංදේශයක් මෙන්ම දුක්ගැනවිලි ඇතුළත් තැපැල් පණිවිඩ ද මෙහිදී පිළිගැන්වීය.

1. උතුරු නැගෙනහිර නිජබිම කරගත් දෙමළ ජනතාව, අද්විතීය භාෂාවක්, ආගමක් හා සංස්කෘතික අනන්‍යතාවක් ඇති සුවිශේෂී ජාතියකි.

2. එක්සත් නැගෙනහිර පළාත යනු දෙමළ ජනතාවගේ මුතුන් මිත්තන්ගෙන් උරුම වූ පාරම්පරික නිජබිමයි.

3. දෙමළ ජනයාට ස්වයං පාලනයට හිමිකම් ඇත.

4. දෙමළ ජනයාට ජාතියක් වශයෙන් ස්වයං නිර්ණය හිමි අතර ඒ හරහා තම දේශපාලන ඉරණම තීරණය කිරීමට ඔවුන්ට අයිතියක් ඇත.

5. ජා‍ත්‍යන්තර අධීක්ෂණ යටතේ පවත්වනු ලබන ජනමත විචාරණයක් මගින් දෙමළ ජනයාට තම දේශපාලන ඉරණම තීරණය කිරීමේ අවස්ථාව ලබාදිය යුතුය.

6. ජන ඝාතනය, ජන සංහාරවලට හා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූවන්ට ජාත්‍යන්තර යුක්ති යාන්ත්‍රණය හරහා‍ යුක්තිය ඉටුවිය යුතුය.

7. දෙමළ නිජබිමේ රැඳී සිටින සිංහල හමුදා වෘත්තිකයින් වහා ඉවත් කළ යුතුය.

8. අත්පත් කරගෙන සිටින දෙමළ ඉඩම් වහා නිදහස් කළ යුුතුය.

9. ශ්‍රී ලංකා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධන පනත අහෝසි කර දෙමළ ජනතාවට තම දේශපාලන අභිලාෂයන් ප්‍රකාශ කිරීමේ දේශපාලන අවකාශයක් නිර්මාණය කළ යුතුය.

10. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉවත් කර, දිගු කාලයක් පුරා බන්ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව වහා නිදහස් කළ යුතුය.

දෙමළ ජාතික ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් හා ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැක්කේ ඉහතකරුණු සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවූ විට පමණි. පසුබිම


උතුරු නැගෙනහිර ජීවත්වන දෙමළ ජනතාව වසර 75කට වැඩි කාලයක් අවිංහිසාවාදී හා සන්නද්ධ ක්‍රමවලින් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරති. දෙමළ ජනතා අයිතීන් සඳහා වූ අරගලය දකුණේ සිංහල ජනයා හා ජාත්‍යන්තර ප්‍රජාව අතර පවතින ත්‍රස්තවාදයක් ලෙස හුවා දැක්වූ ශ්‍රී ලංකා රජය, දෙමළ ජනයා දහස් ගණනක් සමූලඝාතනය කර, සිංහල හමුදාව සමග දෙමළ නිජබිමේ සෑම බිම්අ ඟලක්ම අත්පත් කරගත්හ.

1948 දී ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබූ දා සිට දෙමළ ජනයා අපගේ ස්වයං නිර්ණය සඳහා සාමකාමී අවිහිංසාවාදී අරගල පවත්වමින් සිටිති. මෙම සාමකාමී අරගල අනුප්‍රාප්තික සිංහල බෞද්ධ රජය විසින්බ ලහත්කාරයෙන් ම්ලේච්ඡ ලෙස මර්දනය කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස දමිළ තරුණයින් සන්නද්ධ අරගලයකට යොමුවූ අතර, එය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව විසින් දහ දහස් ගණනක් වූ දෙමළ සිවිල්වැ සියන් ඝාතනය කරමින් සහ දෙමළ කාන්තාවන්ට ලිංගික අතවර කිරීමෙන් හා දූෂණයට ලක්කිරීමෙන්
මර්දනය කරනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අභ්‍යන්තර සමාලෝචන මණ්ඩලයේ 2012 නොවැම්බර්වා ර්තාවට අනුව, 2009 මැයි මාසයේදී අවසන් වූ යුද්ධයේ අවසන් මාස හය තුළ 70,000 කට අධික පිරිසක්මි යගියහ.

යුද මුක්ත කලාප (ආරක්ෂිත කලාප) ලෙස රජය විසින් නම් කරන ලද ප්‍රදේශයකට ශ්‍රී ලංකා හමුදාව නැවත නැවතත් බෝම්බ හා ෂෙල් ප්‍රහාර එල්ල කිරීමෙන් කිහිපදෙනෙකු මියගියහ. රෝහල් හා ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථානවලට පවාබෝම්බ ප්‍රහාර එල්ල විය. වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම නිසා කිහි‍පදෙනෙකු කුසගින්නෙන් හා ලේ ගැලීමෙන් මියගියහ.

සත්‍යය සහ යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) 2017 පෙබරවාරියේදී දෙමළ කාන්තාවන් ‘ලිංගික වහලුන්’ ලෙස රඳවා ගනිමින් ශ්‍රී ලංකා හමුදාව විසින් පවත්වාගෙන ගිය ‘දූෂණ කඳවුරු’ පිළිබඳ තොරතුරු එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාරදෙන ලදී.

2013 අප්‍රේල් මාසයේදී එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාල වාර්තාවකට අනුව, ශ්‍රී ලංකා හමුදාවේ දෙමළ යුද වැන්දඹුවන් 90,000 කට අධික සංඛ්‍යාවක් සිටිති‍. කුඩ‍ා දරුවන් ඇතුළු දෙමළ ජනතාව දහස් ගණනක් අතුරුදහන් විය. බලහත්කාර අතුරුදහන් කිරී‍ම් පිළිබඳ කටයුතු කරන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම ප්‍රකාශ කරන්නේ ලෝක‍යේ බලහත්කාරයෙන්අ තුරුදහන් කිරීම් පිළිබඳ දෙවැනි වැඩිම සිද්ධීන් සංඛ්‍යාව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන බවයි.

පුරාවිද්‍යා, වන, මිනින්දෝරු, බුද්ධශාසන අමාත්‍යාංශය, මහවැලි ගංඟා සංවර්ධන නියෝජිතායතනය ඇතුළු රජයේ නියෝජිතායතන කිහිපයක් යොදාගනිමින් දෙමළ ජනයාගේ පාරම්පරික නිජබිම හමුදාකරණය කිරීම අඛණ්ඩව සිදුකරමින් පවතියි. දෙමළ ජනයාගේ ඵෙතිහාසික අනන්‍යතාව විනාශ කරනු ලබන්නේ ජනවිකාසය සිංහලයන්ට හිතකර ලෙස වෙනස් කිරීමේ අරමුණ ඇතිවය. එසේම, රජයේ අනුග්‍රහය ලබන සිංහල ජනාවාස පිහිටුවීම අඛණ්ඩව සිදුවෙමින් පවතියි.

හින්දු කෝවිල් විනාශ කිරීමෙන් පසුවද දෙමළ ප්‍රදේශවල බෞද්ධ විභාරස්ථාන රාශියක් පිහිටුව‍ා දෙමළ ජනතාවගේ ඵෙතිහාසික හා පෞරාණික ස්ථාන සිංහල - බෞද්ධ ප්‍රදේශ බවට පත්කරමින් රජය හා ආරක්ෂක හමුදාව විසින් දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික නිජබිමෙහි ඉඩම් අත්පත් කරගැනීම අඛණ්ඩව සිදුකරමින් සිටියි. රජයේ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් හින්දු කෝවිල් 200ක් පමණ බලපෑමට ලක්වී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 දී ක්‍රියාත්මක වූ දා සිට වසර 50 කට වැඩි කාලයක් දමිළ ජනතාව දුක් විඳිමින් සිටින අතර, වසර ගණනාවක් පුරා‍ දෙමළ ජාතිකයින් කිහිපදෙනෙකුට මරණ දණ්ඩනය ලබාදී වසර ගණනාවක් සිරගත කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වූ දිනයේම ඉන්බාම් නමැති ද්‍රවිඩ ජාතික ශිෂ්‍යයෙකු පැහැරගැනීම සිදුවිය.‍ ඉන්බාම් නිවසේ සිටියදී පොලිසිය විසින් ඔහුව පැහැරගත් අතර දරුණු වධබන්ධන වලට ලක්කර ඉන්බාම්ගේ සිරුර මහමඟ දමා ගොස් තිබුණි. එදිනම රාත්‍රියේ බාලා නම් දෙමළ ශිෂ්‍යයා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සිදුවූවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වූ පළමු දිනයේදී සිදුවූ පළමු දෙමළ ජාතිකයා ද අතුරුදහන්කි රීමේ සිද්ධිය එය බවට සනිටුහන් කරමිනි.

Sri Lanka: Sinhalese Students Accept Military Should Leave Tamil Areas and Referendum for Political Solution
https://www.einpresswire.com/article/621930948/sri-lanka-sinhalese-students-accept-military-should-leave-tamil-areas-and-referendum-for-political-solution

Lanka News
LN
email us here

Legal Disclaimer:

EIN Presswire provides this news content "as is" without warranty of any kind. We do not accept any responsibility or liability for the accuracy, content, images, videos, licenses, completeness, legality, or reliability of the information contained in this article. If you have any complaints or copyright issues related to this article, kindly contact the author above.