There were 275 press releases posted in the last 24 hours and 451,664 in the last 365 days.

පොත්තුවිල් සිට පොලිහන්ඩි දක්වා (පී 2 පී) - ඉල්ලීම් සහ පොරොන්දුව

Tamils Rally 1

Tamils Rally 2

“සිංහල හමුදාව අපේ දමිල ප්‍රදේශ අත්හරින්න” - “ජන සංහාරයට, අපට ජාත්‍යන්තර යුක්තිය අවශ්‍යයි” -“අපේ ඉඩම් ආපසු ලබා දෙන්න” - “අපේ අතුරුදහන් වූවන් ආපසු දෙන්න”

JAFFNA, SRI LANKA, February 9, 2021 /EINPresswire.com/ --

පෙබරවාරි 3 සිට පෙබරවාරි 7 දක්වා, ඊසානදිග සිවිල් සමිතිවල නායකත්වයෙන් "දමිලයන්ට යුක්තිය" ඉල්ලා, දසදහස් ගණනක් දමිලයන් පොතුවිල් සිට පොලිහාන්ඩි (පී 2 පී) දක්වා පාගමනක් ආරම්භ කළහ.

පාගමනයේ සහභාගි වූ ජනයා, “සිංහල හමුදාව අපේ දමිල ප්රසදේශ අත්හරින්න”, “ ජන සංහාරයට, අපට ජාත්යයන්තර යුක්තිය අවශ්යියි”, “අපේ ඉඩම් ආපසු ලබා දෙන්න” සහ “අපේ අතුරුදහන් වූවන් ආපසු දෙන්න” යන සටන් පාඨ කියමින් ගියහ.

රැලිය අවසානයේදී ඉල්ලීම් කිහිපයක් කියවා පාගමනට සහ රැස්වීමට එක් වූ දස දහස් සංඛ්යානත ජනයා පොරොන්දුවක් ගත්තේය.

පෙබරවාරි 3 සිට පෙබරවාරි 7 දක්වා, ඊසානදිග සිවිල් සමිතිවල නායකත්වයෙන් "දමිලයන්ට යුක්තිය" ඉල්ලා, දසදහස් ගණනක් දමිලයන් පොතුවිල් සිට පොලිහාන්ඩි (පී 2 පී) දක්වා පාගමනක් ආරම්භ කළහ.

පාගමනයේ සහභාගි වූ ජනයා, “සිංහල හමුදාව අපේ දමිල ප්රසදේශ අත්හරින්න”, “ ජන සංහාරයට, අපට ජාත්යයන්තර යුක්තිය අවශ්යියි”, “අපේ ඉඩම් ආපසු ලබා දෙන්න” සහ “අපේ අතුරුදහන් වූවන් ආපසු දෙන්න” යන සටන් පාඨ කියමින් ගියහ.

රැලිය අවසානයේදී ඉල්ලීම් කිහිපයක් කියවා පාගමනට සහ රැස්වීමට එක් වූ දස දහස් සංඛ්යානත ජනයා පොරොන්දුවක් ගත්තේය.

VVeeXerMnqQ


පහත සඳහන් වී ඇත්තේ එම ඉල්ලීම් සහ පොරොන්දුවයි;

1.දමිල ජාතිය වන අප අවුරුදු හැත්තෑවකට වැඩි කාලයක් පමණ ස්වයං නිර්ණය සඳහා සටන් කර සිටිමි. අපි ලංකා දිවයිනේ ඒකාබද්ධ වූ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන ජාතියකි. අපේ ඉරණම තීරණය කිරීමට අපට අයිතියක් ඇත. අනුප්‍රාප්තික ශ්‍රී ලංකා සිංහල - බෞද්ධ රජයන් අපගේ ස්වයං නිර්ණ අයිතිය අඛණ්ඩව යටපත් කර ඇති අතර, ජන සංහාරයකට සමාන වන සමූල ඝාතනයකට පත් කිරීම සඳහා කුරිරු හමුදා බලය යෙදවී අපව පාලනය කරයි.

2. 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ දා සිට, දමිල ජනයා, අපගේ ස්වයං නිර්ණය සඳහා සාමකාමී අවිහිංසාවාදී අරගල කරමින් සිටිති. මෙම සාමකාමී අරගලයන්, අනුප්‍රාප්තික සිංහල - බෞද්ධ රජයන් විසින් බලය යෙදවීමෙන් කුරිරු ලෙස මර්දනය කරන ලද. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමළ තරුණ තරුණියන් සන්නද්ධ අරගලයට යොමු විය. මෙම අරගලය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින්, දෙමළ කාන්තාවන්ට ලිංගික අතවර කිරීම සහ දූෂණය කිරීම සහ දස දහස් සංඛ්යාත දෙමල සිවිල් වැසියන් ඝාතනය කිරීමෙන් යටපත් කරන ලදී.

3. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අභ්‍යන්තර සමාලෝචන කමිටුවේ, 2012 නොවැම්බර් වාර්තාව අනුව, 2009 මැයි මාසයෙන් අවසන් වූ යුද්ධයේ, අවසන් මාස හය තුළ 70,000 කට අධික පිරිසක් මිය ගියහ.

4. රජය විසින් ගිනි නොමැති කලාපය (ආරක්ෂිත කලාප) ලෙස නම් කරන ලද ප්‍රදේශයට, ශ්‍රී ලංකා හමුදා නැවත නැවතත් බෝම්බ හෙලීම සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් කිහිප දෙනෙකු මිය ගියහ. රෝහල් සහ ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථානවලට පවා බෝම්බ ප්‍රහාර එල්ල විය. කිහිප දෙනෙක් කුසගින්නෙන් හා වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම හේතුවෙන් ලේ වැගිරෙති මිය ගියහ.

5. දමිල කාන්තාවන් “ලිංගික වහලුන්” ලෙස රඳවාගෙන සිටින, ශ්‍රී ලංකා මිලිටරි මෙහෙයවන “ස්ත්‍රී දූෂණ කඳවුරු” පිළිබඳ තොරතුරු එක්සත් ජාතීන්ගේ සංවිධානයට,2017 පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතිය (ITJP) භාර දුන්නේය.

6. 2013 අපේ‍්‍රල් මාසයේ එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාල වාර්තාවකට අනුව, දමිල යුද වැන්දඹුවන් 90,000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ සිටිති.

7. ළදරුවන් සහ ළමුන් ඇතුළු දහස් ගණන් දමිල ජාතිකයින් අතුරුදහන් විය. ලෝකයේ, බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගෙන් දෙවන වැඩිම සංඛ්‍යාව ශ්‍රී ලංකාවෙන් බවයි, බලහත්කාරයෙන් අතුරුදහන් වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම ප්‍රකාශ කළේය.


මීට වසර 11 කට පෙර 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසු දමිලයන්, පහත සඳහන් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. පොත්තුවිල් සිට පොලිහන්ඩි දක්වා දමිල යුක්තිය වෙනුවෙන් පාගමනින් ගිය අපි, පහත සඳහන් අපයෝජනයන් නතර කරන ලෙස ඉල්ලා සිටිමු:

1. දමිල සාම්ප්‍රදායික නිජබිම මිලිටරීකරණය අඛණ්ඩව සිදු වෙමින් පවතින අතර පුරාවිද්‍යා, වන සංරක්ෂණ, මැනුම් දෙපාර්තමේන්තු සහ බුද්ධශාසන අමාත්‍යාංශය සහ මහවලි ගංගා සංවර්ධන ඒජන්සිය ඇතුළු රජයේ දෙපාර්තමේන්තු කිහිපයක් භාවිතා කරමින් සිංහලයන්ට පක්ෂව ජන විකාශනය වෙනස් කිරීමේ අරමුණින් දමිල ජනතාවගේ ඉතිහාසික අනන්‍යතාවය විනාශ වේ. එසේම, රජයේ අනුග්‍රහයෙන් සිංහල ජනාවාස අඛණ්ඩව සිදු වේ.

2. ආරක්ෂක හමුදා විසින් දමිල සාම්ප්‍රදායික මව්බිමෙහි අඛණ්ඩව ඉඩම් අත්පත් කර ගැනීම, සහ හින්දු කෝවිල් විනාශ කිරීමෙන් පසුව ද ඇතුළුව, දමිල ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන ගණනාවක් ස්ථාපිත කිරීම මගින්, රජය විසින් දමිල සාම්ප්‍රදායික හා ඉතිහාසික ස්ථාන සිංහල-බෞද්ධ ප්‍රදේශ බවට පරිවර්තනය කිරීම. මේ වන විට රජයේ මෙම ක්‍රියාවෙන් හින්දු කෝවිල් 200 ක් පමණ පීඩාවට පත්ව ඇත.

3. දමිල සාම්ප්‍රදායික මව්බිමෙහි ස්ථානගත කර ඇති ශ්‍රී ලාංකික සිංහල ආරක්ෂක හමුදා ඉවත් කර සිවිල් ජීවිතය යථා තත්ත්වයට පත් කළ යුතුය. එසේම, සිවිල් පරිපාලන තනතුරුවලට හමුදා නිලධාරීන් පත් කිරීම වහාම නතර කරන ලෙසත්, දැනටමත් සිවිල් පරිපාලන තනතුරුවල සිටින සියලුම නිලධාරීන් වහාම ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටී.

4. සිංහල - බෞද්ධ රජය, දමිල ජනතාවට එරෙහි අපයෝජන, ආවරණය කරන දමිල මාධ්‍යවේදීන් සහ මෙම අපයෝජනයන්ට විරෝධය දක්වන දමිල සිවිල් සමාජ ක්‍රියාකාරීන් බිය ගැන්වීම සහ අපයෝජනය කිරීම දිගටම කරගෙන යයි. මෙය ඔවුන්ගේ ව්‍යවස්ථාමය වශයෙන් සහතික කර ඇති අයිතිවාසිකම් උල්ලංනය කරනවා පමණක් නොව, ස්වයං නිර්ණය ඇතුළු මූලික අයිතිවාසිකම් සඳහා දමිල ජනයාගේ ඉල්ලීම් මැඩපැවැත්වීම සඳහා යොදා ගැනේ.

5. දමිල ගව අයිතිකරුවන් නොයෙකුත් ගැටලුවලට මුහුණ දී සිටින අතර, ඔවුන්ගේ ගවයින් ඝාතනය කරමින්, තණබිම් සිංහල - බෞද්ධයන් විසින් අත්පත් කරගෙන සිටී. නිදසුනක් වශයෙන්, මඩකලපුව දිස්ත්‍රික්කයේ, ගවයින් සඳහා තණබිම් වන මයිලත්තමඩු සහ මාදවනි, සිංහල - බෞද්ධ ජනාවාස ඇති කිරීමේ අරමුනින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලදී. දමිල ජනයාගේ ජීවනෝපාය විනාශ කිරීමේ අරමුණින්, ඔවුන්ට අයත් ගවයින් ඝාතනය කරන ලදී. මෙම සැලැස්මේ කොටසක් ලෙස සිංහල - බෞද්ධ ජනාවාස පිහිටුවීම සඳහා දමිල ප්‍රදේශවල වනාන්තර විනාශ කර, ඉවත් කරන ලදී.

6. දමිල සිවිල් වැසියන්ගෙන් රජය / ශ්‍රී ලංකා සිංහල ආරක්ෂක අංශ විසින් රාජසන්තක කරන ලද සියලුම ඉඩම් වහාම ආපසු ලබා දිය යුතුය.

7. සිහිපත් කිරීමේ සිදුවීම් ප්‍රතික්ෂේප කිරීම, යුද්ධයෙන් මියගිය අයගේ සුසාන භූමි විනාශ කිරීම, සහ සිංහල - බෞද්ධ රජය විසින් ස්මාරක කඩා දැමීම මගින් පෙන්නුම් කරන පරිදි, දමිල ජනයාට ඔවුන්ගේ යුද්ධය මියගිය අය සිහිපත් කිරීමේ අයිතිය අහිමි කර ඇත.

8. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) වසර 40 කට වැඩි කාලයක් තිස්සේ කිසිදු චෝදනාවකින් හෝ නඩු විභාගයකින් තොරව දමිල ජනයා සිරගත කිරීම සඳහා භාවිතා කර ඇති අතර දැන් එය මුස්ලිම්වරුන්ට එරෙහිව භාවිතා කරනු ලැබේ.

9. දමිල යුද සිරකරුවන් (POW) / දේශපාලන සිරකරුවන් නඩු විභාගයකින් තොරව වසර ගණනාවක් සිරගත කර ඇත. සිංහල - බෞද්ධ රජය විසින් සිංහල - බෞද්ධ සිරකරුවන්ට නිරන්තරයෙන් සමාව දී තිබේ. නමුත් දමිල යුද සිරකරුවන් / දේශපාලන සිරකරුවන් කිසිවෙකුට සමාව නොදුන්නේය.

10. බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්, ළදරුවන් සහ ළමුන් ඇතුළු තම ආදරණීයයන් සොයා, විරෝධතා පවත්වති. නමුත් සිංහල - බෞද්ධ රජය ඔවුන්ට පිළිතුරක් දීම ප්‍රතික්ෂේප කරයි.

11. කෝවිඩ් හේතුවෙන් මියගිය මුස්ලිම්වරුන් ආදාහනය කරනු ලබන්නේ පවුල්වල කැමැත්තට හා ඉස්ලාමීය ඉගැන්වීම්වලට එරෙහිව ය. මෙම ප්‍රතිපත්තියට එරෙහිව සාමකාමීව විරෝධය දක්වන මුස්ලිම්වරුන් මර්ධනයට යටපත් කර ඇත.

12. උඩරට දමිල ජනතාව, රුපියල් 1,000 ක වැටුප් වැඩිවීමක් සහ වෙනත් දුක්ගැනවිලි ඉල්ලා සිටියහ, නමුත් අනුප්‍රාප්තික සිංහල - බෞද්ධ රජයන් ඔවුන්ගේ ඉල්ලීම් නොසලකා හැර තිබේ.


මීට අමතරව අප ඉල්ලා සිටින්නේ :

දමිල ගෙ, ඒකාබද්ධ අභියාචනය ක්රිරයාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ සාමාජික රටවලින් අපි ඉල්ලා සිටිමු. මෙයට ඇතුළත් ය, දමිල ජනතාවට එරෙහිව සිදුකරන ලද යුද අපරාධ, මනුෂ්යාත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාරයන් සඳහා සිංහල - බෞද්ධ ශ්‍රී ලාංකික රජය ජාත්යජන්තර අපරාධ අධිකරණයට (අයිසීසී) යොමු කිරීම සඳහා වූ ඉල්ලීමක් ද.

තවද දමිල ජනයාට එරෙහිව සිදු වූ ජන සංහාරය නැවත සිදු නොවන බවට සහතිකයක් ලෙස, ජාත්‍යන්තරව පවත්වනු ලබන සහ අධීක්ෂණය කරන ලද ජනමත විචාරණයකින් දමිල ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමෙන් ස්ථිර දේශපාලන විසඳුමක් සොයා ගත යුතුය.

පොරොන්දුව:

ජන සංහාරයට සමාන ක්‍රියාමාර්ග ගනිමින් දමිල අනන්‍යතාවය සහ පැවැත්ම විනාශ කිරීම සඳහා අනුප්‍රාප්තික සිංහල-බෞද්ධ රජයන් රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස අනුගමනය කර ඇති බව පැහැදිලි අවබෝධයකින් හා ඉතිහාසික දැනුමෙන් අපි පොරොන්දු දෙමු.

පොත්තුවිල් සිට පොලිහන්ඩි දක්වා ඇවිද ගිය අපි, සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ, අත්වැල් බැඳගෙන වෙහෙස මහන්සි වී වැඩ කරන ලෙසයි.

ENGLISH:

Sri Lanka: Tens of Thousands of Tamils Rally to Call For Freedom and Rejecting Unitary State.
https://www.einpresswire.com/article/535338187/sri-lanka-tens-of-thousands-of-tamils-rally-to-call-for-freedom-and-rejecting-unitary-state?r=pa1aI5GS8C7R2yZda_


North - East Civil Society Organizations
North - East Civil Society Organizations
+94 779060474
civilsocietyforumfornortheast@gmail.com

Legal Disclaimer:

EIN Presswire provides this news content "as is" without warranty of any kind. We do not accept any responsibility or liability for the accuracy, content, images, videos, licenses, completeness, legality, or reliability of the information contained in this article. If you have any complaints or copyright issues related to this article, kindly contact the author above.